සුබුද්ධි සහ දුර්බුද්ධි    
                                        යහපතක්ම සිද්ධ වේවා .....///
 අපි නොයෙකුත් දේ දෙස නොයෙක් ආකාරයෙන් බලන්නෙමු ඒ නිසා එක් එක් අය තම තමනට අභිමත මතයන් පිළිගනිත් .. ඉදින් දර්ශනය ඇත්තේ ඉතා විචක්‍ෂණව ලෝකය දෙසත් කරුණු දෙසත් බලන්නටය . එයිනුදු සුදර්ශනය වනාහි අති සියුම් ස්ථාන ස්පර්ශ කරමින් බුද්ධිගෝචර උණු ඔබ වෙනුවෙන් පලවන ලිපි සමග එක් වේ ........              
     
            ඔන්න පිටිසර ඉතා දුර බැහැර ගම්මානයක ළමුන් දෙදෙනෙක් එක ආචාර්ය වරයෙක් යටතේ ශිල්ප ඉගන ගත්තා, එක්කෙනෙක්ගේ නම -දුර්බුද්ධි-  අනිත් ගෝලයා -සුබුද්ධි-
          ඔහොම ඉන්න අතරේ දවසක් ආචාර්ය වරයට හිතුන මේ දෙන්නගේ දැනුම පරික්ෂ කරන්න .
  ඇදුරුතුමා ගේ පාසැල ලගම කාමර දෙකක තම මේ ගෝලයෝ දෙදෙනා සිටියේ .
ගුරුතුමා දෙදෙනාවම එන්න කියල පනමේ කාසිය බැගින් අතේ තියල මෙහෙම කිව්වා
"මෙන්න මේ පනමේ කාසිය වියදම් කරලා තමන් ඉන්න කාමරේ පුරවන්න පුළුවන් යමක් ගෙනෙන්න" කියල                ඉතින් ගෝලයෝ දෙන්න දෙපැත්තට ගිහින් කල්පනා කල මොකක්ද අප්පේ මේ පනමක වගේ කාසියකින් කොහොමද කාමරේම පුරවන්නේ කියල ... හිතල බලන්නකෝ මේ ලිපිය කියවන ඔයාට එහෙම මෙහෙම දෙයක් කිව්වොත් ගුරුතුමා මොකද කරන්නේ කියල ......
      ඉතින් කොහොමහරි ඔන්න  දුර්බුද්ධි කියන ගෝලයා  සිදාදියට ගිහිල්ල තමන්ගේ පනමට හරියන්නට පිදුරු ගත්තා ඉන් පස්සේ බොහොම අමාරුවෙන් ඒවා කර තියාගන ගෝනි පිටින් ගෙනත් මුළු කාමරේම පිරෙව්වා ..........  සුබුද්ධි මොනවා කරන්න ඇතිද
     පහුවදා ගුරුතුමා ආවා කාමර ගන්නේ ගෝලයෝ දෙන්න මොකද කරලා තියෙන්නේ කියල බලන්න මුලින්ම දුර්බුද්ධි ගේ කාමරය බලල සුසුමක් හෙලපු ගුරුතුමා සුබුද්ධිගේ කාමරයට ගියා ... සුබුද්ධි අර පනමේ කාසියෙන් පහනකුත් හෙලුත් පහන් තිරත් අරගන ඇවිත් ඔහුගේ කාමරයේ පහනක් පත්තු කරලා තිබ්බ ....   ඒ පහනේ ආලෝකයෙන් මුළු කාමරයම පිරී තිබුන ... ඒ දුටුවා ගුරුතුමා බොහෝම සතුටු උනා .......    විචක්‍ෂණ බුද්දිය ගැන පෙන්වන මේ කතාව සකු කතාවක් .... ස්තුති

Comments

Popular posts from this blog

සකු ශ්ලෝක