Posts

Showing posts from March, 2018

නාගයා . (කෙටි කතාවකි)

 පිනි බින්දු  රෝස මල වටේට විසිර ඇත්තේ වත්සලාගෙ සිනහවෙන් පොපියන මුව සිහීපත් කරමින් නොවෙදැයි සිරිපාලට සිතෙ. සිරි පාලත් වත්සලාත් අතර පෙම් හබය පන නන්ගන්නෙ වෙනත් පෙම්වෘතන්ත වලට හාත්පසින් වෙන්ස් අයුරකිනි  වත්සලා අත්තෙන්ම සිරිපාලට නැගනියක්ම වන්නෙය. සිරිපාලට ඇයගේ එම නෑදා කම නිකම්ම ඇති වුවක් නොවේ . ප්‍රේමවති හෙවත් සිරිපාලගෙ නිත්‍යානුකුල බිරිදගෙ මාමන්ඩියකගෙ දියනියක වන වත්සලා  සැබැවින්ම මනරම් රූ සපුවක් හිමි තවමත් විසි වන විය නොයික්මවු මුවදෙනක් මෙන් පියකරු යුවතියකි , ප්‍රෙමාවතිගෙ පලමු දරු ප්‍රසුතිය සදහා රොහල් ගත කල  පසුව ඇයට කර ගත යුතු කුදු මහත් රාජකාරි සදහා පිහිටටපැමිනියෙ වත්සලාමය.  මේ විසිවස් නොගෙවු තරුනියත් සිිරිපාලත් අතර වයස පරතරය වූ කලි වසර පහලොවක් පමනය . එක් අනෝරා වැසි සහිත දිනයක රොහලේ තනියට සිටි  වත්සලා ගෙදර රැගෙන යාමට සිරිපාල පැමිනියේ පා පැදියෙනි , බිරිද රොහලේ නවතා පසු දිනට ඇවසි බඩු රැගගෙන යාමට වත්සලා යුහුසුලු විය .. ''අක්කෙ එහෙනම් මම ගිහින් බඩු ටිකත් අරගන හෙට උදෙමම එන්නම් '', තම එක් කුස උපන් සොවුරියකට මෙන් ප්‍රෙමවතිගේ විලි රුදාවවෙන් පෙලී ඇඇති  මුහුන ...